රථ වාහන පොලිසීය මගින් තමන් නොකළ වැරදි සදහාද දඩ කොල නිකුත් කරන බව පසුගිය දිනවල රියදුරන්ගෙන් පොලිසීයට එල්ල වූ චෝදනාවකි. මෙම චෝදනාවට විසඳුමක් ලෙස මාර්ග නීති කඩ කරන්නන්ට තම වැරැද්ද එවෙලේම පෙන්වා දී දඩ කොලය නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පොලීසිය හදුන්වා දී තිබෙනවා. පොලිස් රාජකාරි යතුරු පැදිවල වල CCTV කැමරා පද්ධතියක් සවිකර එයින් පටිගත කරගන්නා දර්ශන අදාල වැරදි සිදුකරන්නන්ට පෙන්වීමටයි පොලීසිය කටයුතු යොදා තිබෙන්නේ. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස බදුල්ල පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් මේ වනවිට ක්‍රියාත්මක කරන අතර පසුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.