ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවුරුදු 8කට පස්සේ විස්සයි විස්ස තරගයක් සදහා ලබන මාසේ පකිස්තානයට

ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුවරට මේ වසර අගදී පාකිස්තානයේ සංචාරයක නිරත වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
සෙනසුරාදා (අගෝස්තු 12) කොළඹ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අවසානයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් වරක් පාකිස්තානයේ සංචාරයක නිරත කරවීමට තමන් මහත් උනන්දුවෙන් සිටින බව කියා සිටියේය.
පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් බව ඒ පිළිබඳව විමසා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥයන් වාර්තාකර තිබෙන බැවින් ලබන සැප්තැම්බර් මාසයේ පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනෙන් එකක් හෝ ලාහෝරයේ පැවැත්වීම සිය අභිප්‍රාය බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරයක නිරතව සිටියදී 2009 මාර්තු 03 වෙනි දින ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරකයට ලක්විය.

ප්‍රහාරයට ලක් වූ බස් රථයේ වීදුරුවෙන් අවට දිස් වූ අයුරු



එහිදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තිලාන් සමරවීර, උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස්, සුරංග ලක්මාල් සහ නායක මහේල සුලු තුවාල ලැබූහ.
ඉන් අනතුරුව ආරක්ෂක හේතුන් මත සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අතර, එදා මෙදා තුර පාකිස්තානයේ සංචාරය කර තිබෙන්නේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම එම සංචාරයේ යෙදවීම පිළිබඳව කුමාර් සංගක්කාර සහ අමාත්‍ය අර්ජුන රණතුංග අතර මෑතදී වාග් සංග්‍රාමයක් ද හටගත්තේය.
ඉන් අනතුරුව 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළ අතර, සජීවී ෆේස්බුක් සංවාදයකට එක් වූ කුමාර් සංගක්කාර, අමාත්‍යවරයාගේ යෝජනාව තමන් ද අනුමත කරන බව කියා සිටියේය.

Popular posts from this blog

නිලියන්ගේ ලීක් වුනු සියලුම විඩියෝ මෙන්න

ලංකාවේ ක‍්‍රිකට් කෙල්ල එංගලන්තය වනසයි..පිත්තෙන් හා පන්දුවෙන් වැඩ පෙන්වයි

අතින් සිංහල අකුරු Type කරපු කාලේ ඉවරයි.Phone එකට දාගන්න App එක